Tiny Kaoani

9/24/2012

සිනාසුනෙමි...


හිතට දැනෙන
නෙතට පෙනෙන
මගෙ මතක හීන වලට,
දුක හිතෙනා හැම වාරෙම
නුඹේ සතුට මං හිතුවා...
ඒ සතුටට වඩා වටින 
සතුටක් නොදැනුනු හින්දා,
සිනාසුනෙමි හිත පුරාම 
කඳුලු හෙටට අරන් තියා...

9/21/2012

හේතුව...


මං යන්නම්..
ඒ,,
නුඹට ආදරේ නැති නිසා නෙමෙයි..
හිතේ හැටියට, 
මහා ගොඩක්,
නුඹට ආදරේ කරන්න 
ඕන නිසා...

9/02/2012

මගේ රජරට..


රුහුණු අහසට පෙම් බැන්ද මට
සෙවන දුන් සිරි මා බෝ සමිඳුට,
මහ සයුර නෙත නොගැටි මානෙට
සයුර වූ මහ කනදරාවට,

මේ අනුරපුර දැනි උණුහුමට,
මිස්සක පව්වෙන් හැමූ හුලඟට,
මගෙ තැලුනු හිත හදාගන්නට
නමැඳි රන් මැලි සෑ සමිඳු හට,

මගේ කවි හිත  සිත්තමක් උනු
මේ අනුරපුර අහසෙ සඳවත,
ආදරෙයි මම සදාකල්හිම 
තනි වු මා රැකි මගේ රජරට..