12/10/2013
සරසවි මවුනි....
සුපුරුදු සිනා නුඹ අභියස නැතුවාට
නුපුරුදු තනිකමක් සිත තුල රැදුනාට
තවමත් නුඹ ලඟම රැදෙනා මගෙ හිතට
පෙර දුන් උනුහුමම එලෙසෙම දෙනවාද...
ගෙවුණු පෙර දවස නුඹ ළඟ සිනා මුවින්
යළිඳු නොම රැදේ උන් දුර ඈත ගොසින්
නුඹට තනි නොවේ නව මල් සිනා මැවෙන්
ඒ තනිකමත් මගෙ හිතටම නොවෙද ඉතින්...
මවුනි නුඹ නිසා ලද දිරි තුරුළු කරන්
තනිව නුඹ ලඟම රැදෙනට දිරිය දියන්
අහස සඳ තරුත් නුඹටම භාර කරන්
මගෙ තෙලිතුඩින් කළ කවිකම් මකා දමන්....
9/02/2013
හඳුනනු බෑ
නිහඬ හිත රැඳුනු සිතුවිලි නැගු හඬට
නොහැඬු නෙත රැඳී ගැලු කඳුළැලිවලට
අමාවකට හිත නැගි පුර සඳවතට
කවිකම් කරන සිත් හඳුනනු බෑ ලොවට
නොහැඬු නෙත රැඳී ගැලු කඳුළැලිවලට
අමාවකට හිත නැගි පුර සඳවතට
කවිකම් කරන සිත් හඳුනනු බෑ ලොවට
4/03/2013
මගෙ සොයුරිය...
පා ඔසවන දා පටන්ම
ළඟ දැවටුනු නුඹේ සුවඳ
පුංචි හිතට තේරෙන දින
සිතේ ඇඳුනු නොමැකෙන රුව
මගෙ දිවියේ හැම මොහොතෙම
ළඟම දුටුව නුඹේ මුහුණ
ජීවිතයේ හැමදේටම
මගෙ හිත දුටු ආදර්ශය
මගේ හිතට බෝම දැනුනු
නුඹේ මුවේ ඔවදන් හඬ
දැන් ඈතයි අක්කන්ඩිය
හරි පාලුයි මුලු ගෙදරම..
නුඹෙ මුලු ලොව ගොඩනගන්න
හිත දිරියෙන් අක්කන්ඩිය
හැමදාමත් හරි සතුටින්
හිනාවෙන්න මගෙ සොයුරිය...
4/01/2013
හිනා පොද....
කඳුලු බිඳු අග රැඳුනු
හිනාවක රස දන්න
මගේ හිත මට දුන්නු
අමිල වූ හිනා පොද
සිතුම් වැල් අග එතුනු
මට උරුම වී උන්න
නිහඬ පැතුමක රැඳුනු
මා පැතූ ජීවිතය....
හිනාවක රස දන්න
මගේ හිත මට දුන්නු
අමිල වූ හිනා පොද
සිතුම් වැල් අග එතුනු
මට උරුම වී උන්න
නිහඬ පැතුමක රැඳුනු
මා පැතූ ජීවිතය....
1/16/2013
අන්තිම කවිය..
මගේ හිත් අග රැඳුනු
පිණි කැටය නොවේ නුඹ..
හෙටත් මා සිත රැඳුනු
සිතුවමයි සදාතන..
Subscribe to:
Comments (Atom)