Tiny Kaoani

7/18/2014

පුරා පෙරුමන් නුඹට පුද දෙන......

නුඹේ ඇට ලේ මිදුළු විනිවිද නුඹේ උණුහුම වින්ද හන්දා
නුඹේ ජීවය කිරට හරවා මගේ කුසගිනි නිවූ හින්දා
ලොවේ කොතැනක නොවූ අරුමැති සෙනෙහෙ දහමක් ලෙසින් දුටු දා
නුඹම ලුහුබැඳ සසර දිනනට වරම් මට ඇති බවත් සිතුනා

නිමක් නොපෙනෙන ලොව සතර කොන මගේ දෑතට ගුලි කරන්නට
තෙරක් නොදකින කෙලෙස් ගඟුලක නොගිලෙනා යුරු කියා දෙන්නට
ලැබූ මාහැඟි මිනිස් ගුණයට අවමාන ගෙන නොදී ඉන්නට
කියා දුන් නුඹේ උතුම් පැවතුම් සෑහේවි මට ලොව දිනන්නට

මද සුළඟ වැද පවා ගිලිහෙන සිනිඳු මල් පෙති පළුඳු නොවනට
නුඹේ ගුණ දම් පාට මුහුකොට සිනිඳු පෙති අග තවරනා විට
දනිමි මල් පෙති විදා හිනැහී නුඹේ ලොවටත් සුවඳ දෙන බව
පුරා පෙරුමන් නුඹට පුද දෙන මලක් වී මා සැනසෙනා වග

3/09/2014

.....නම් නුඹ,

අහස නම් නුඹ බලා හිඳීවි නොසැලිව
පොලොව නම් නුඹ දරා හිඳීවි නිහඬව
ගඟක් නම් නුඹ ගලා බසීවි සසලව
සයුර නම් නුඹ නගා ඇදේවි රළ පෙළ

සතුට නම් නුඹ සිනා නගාවි තව තව
කඳුල නම් නුඹ සැඟව හිඳීවි නෙතු අග
සුසුම නම් නුඹ මුහුව හමාවි සුලඟට
'මගේ සිත' නුඹ සිතා ගනු බැරි මසිතට