හිත..
සිතුවිලි අහුරු උඩු හුලඟට පා කරමූ...
3/09/2014
.....නම් නුඹ,
අහස නම් නුඹ බලා හිඳීවි නොසැලිව
පොලොව නම් නුඹ දරා හිඳීවි නිහඬව
ගඟක් නම් නුඹ ගලා බසීවි සසලව
සයුර නම් නුඹ නගා ඇදේවි රළ පෙළ
සතුට නම් නුඹ සිනා නගාවි තව තව
කඳුල නම් නුඹ සැඟව හිඳීවි නෙතු අග
සුසුම නම් නුඹ මුහුව හමාවි සුලඟට
'මගේ සිත' නුඹ සිතා ගනු බැරි මසිතට
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)