දුටිමි මුලු ලොව නුඹේ නමින් මම
ඒ ලොව නුඹමයි අප්පච්චී..
ඇසුවෙමි නුඹෙ දෙසවනින් ලොවම මම
ඒ හඬ නුඹමයි අප්පච්චී..
ගලපමි පද නුඹ දුන් දිවි තනුවට
ගීය නුඹම විය අප්පච්චී..
සිතුවෙමි නුඹ දුන් සත් සිතුවිලි කඳ
සිතුනේ නුඹ ගැන අප්පච්චී..
සිනිඳු මලක පෙති ආදර බැම්මෙන්
කෝම සුරැකුවද අප්පච්චී..
ඒ ආදරයට කවිකම් කරන්න
මා කවියෙක් නොව අප්පච්චී..
බුදුන් නුදුටු බව කෝම කියන්නද
නුඹ පාමුල සිට අප්පච්චී..
දෝත පුරා මල් තබා වඳින්නම්
මගෙ මුලු ලෝකය අප්පච්චී..
7/30/2012
7/28/2012
7/24/2012
Subscribe to:
Comments (Atom)


