දුටිමි මුලු ලොව නුඹේ නමින් මම
ඒ ලොව නුඹමයි අප්පච්චී..
ඇසුවෙමි නුඹෙ දෙසවනින් ලොවම මම
ඒ හඬ නුඹමයි අප්පච්චී..
ගලපමි පද නුඹ දුන් දිවි තනුවට
ගීය නුඹම විය අප්පච්චී..
සිතුවෙමි නුඹ දුන් සත් සිතුවිලි කඳ
සිතුනේ නුඹ ගැන අප්පච්චී..
සිනිඳු මලක පෙති ආදර බැම්මෙන්
කෝම සුරැකුවද අප්පච්චී..
ඒ ආදරයට කවිකම් කරන්න
මා කවියෙක් නොව අප්පච්චී..
බුදුන් නුදුටු බව කෝම කියන්නද
නුඹ පාමුල සිට අප්පච්චී..
දෝත පුරා මල් තබා වඳින්නම්
මගෙ මුලු ලෝකය අප්පච්චී..
හරිම ලස්සනය් Dear
ReplyDeletethanks dr...
ReplyDeleteලස්සන කවියක්..
ReplyDeleteබොහොම ස්තූතියි....
ReplyDelete