රුහුණු අහසට පෙම් බැන්ද මට
සෙවන දුන් සිරි මා බෝ සමිඳුට,
මහ සයුර නෙත නොගැටි මානෙට
සයුර වූ මහ කනදරාවට,
මේ අනුරපුර දැනි උණුහුමට,
මිස්සක පව්වෙන් හැමූ හුලඟට,
මගෙ තැලුනු හිත හදාගන්නට
නමැඳි රන් මැලි සෑ සමිඳු හට,
මගේ කවි හිත සිත්තමක් උනු
මේ අනුරපුර අහසෙ සඳවත,
ආදරෙයි මම සදාකල්හිම
තනි වු මා රැකි මගේ රජරට..
ලස්සනයි.
ReplyDeleteබොහොම ස්තූතියි.
Delete:) Ape gama ganath liyannako Chathu
ReplyDeleteහා හා..ලියන්නම්.. :)
Delete