Tiny Kaoani

11/01/2012

තවමත්...


දුරින් දුරට පියමන් කර,
ජීවිතයේ සතුට සොයන ,
හිත් මල අග රැඳුනු කඳුලු කැට වියලුන් නෑ
හිත පිරවූ සුසුම් පවන ඈත ගියේ නෑ,,

නෙත් තුළ දිලි ආදරයට,
හදේ රැඳුනු සෙනෙහෙ පොදට,
හිතේ උපන් ආසාවට පිටව යන්න බෑ
හීන මවන මේ හදවත මට අවනත නෑ,,

ජීවිතයේ නොලැබුම ලඟ,
දරන්න බැරි දුක් ගින්දර,
මේ සියුමැලි හිතින් දැරුවෙ කෝමද දන් නෑ
තවමත් ඒ හිතේ රිදුනු තැන් සුව වුන් නෑ,,

No comments:

Post a Comment