Tiny Kaoani

10/24/2012

නුහුරු නුපුරුදු


නුහුරු කවි පද ගොතා එක්කර
සොඳුරු තනුවක රඳවලා,
නුහුරු නුපුරුදු බවක් නොදැනෙන
ලෙසක ගී පදවැල් වෙලා,
නුහුරු හඬකින් ගැයෙන විටකදි
දුකට හුරු සිත සරසලා,
නුහුරු බව හිත නොදැනුනෝතින්
සිනාසෙමි නුඹ දෙස බලා..

10/10/2012

සුලඟක් වෙලා මතු භවයෙත් උපදින්න


සීමා නොමැත , මායිම් මම නොතැකුවෙමි
අහසට පොළොව දුර බව මට නොහැඟුනෙමි
කොපමණ දුර ගියත් වෙහෙසක් නොදැනුනෙමි
තව දුර යන්න හිත , ගත සවියක් ලදිමි

සහසක් නෙක දනන් ගත සුවපත් කරමි
පහසක් විලස මොහොතක් ලඟ දැවටුනෙමි
බිඳුනු හදක රැඳි සුසුමන් රැගෙන යමි
දුකක් නොමැත , මම කිසි දින නොනවතිමි

හැකිනම් නුඹ එන්න මා සමඟින් යන්න
මා නම් නොනවතිමි නුඹ ලඟ දැවටෙන්න
නැවතුම දුකකි , ඒ බව වටහා ගන්න
සුලඟක් වෙලා මතු භවයෙත් උපදින්න

වාසනාවන්තයා..


ඔබට,
කිසිවක් නොවැටහෙන්නට
ඉඩ ඇත..
නමුදු ඔබට,
කිසිවක් නොවැටහෙන බව
වැටහෙන්නේ නම්
ඔබ වාසනාවන්තයෙකි....

10/09/2012

පැරදීම..


'පැරදීම' දුකයි..
ඒත්,,
'පසුතැවීමක්' නැති පරාජයක් නම්.....
සතුටක් නැතත්
දුකක් ඉතිරි නොවේවි....