
හිත සතුට දෝතින් අරන්
නෙත කදුලු සිත තුල දරන්
තව කොතෙක් වුව පියමනින්නම්
ඔබේ ආසිරි ලැබෙයි නම්..
නොදුටු හෙට ගොඩනගන්නම්
බොදව ගිය ලොව දකින්නම්
ලොවට ආදරෙ කරන්නම්
නුඹෙ ආදරේ ලග හිදී නම්..
හඩන හිත් ලග හිදින්නම්
ලබන සුසුමන් දරන්නම්
දුක් සුසුම් මැද සිනාසෙන්නම්
නුඹ සිනාසෙයි නම්..
තනා දුන් ලොව රකින්නම්
නුඹේ සිතුවිලි පුදන්නම්
නුඹ මගෙ හිත දුටුව අයුරින්
ඒ ලොවත් මම දකින්නම්...
හරිම හෑඩයී
ReplyDeletebohoma sthuthi..
ReplyDelete