මිණි මුතු මිතුදමක බැබලෙන මිණි ගෙතුණු
තුන් යාමයට සුවඳැති මල් දම් ගෙතුණු
රිසි ලෙස සිතක රැඳි හැඟුමක නුඹ එතුණු
යසසයි සකිය නුඹ මා දිවියට ලැබුණු
ඔය මුව රැඳි සිනාවෙන් සිතුවම් කෙරුණු
බණ පදයක රැඳුණු සුමිහිරි බව ඇසුණු
මට නොව මා සිතට නුඹ ලංවී දැනුනු
විඳිනට අවසරයි සැනසුම සිත දැනුනු
යන මග නුඹට පා පොඩි තවමත් රිඳුනු
මල් පෙති විසිරෙනා දිනයක් ලඟ දකිනු
මග පෙන්වනා තරුවක රුව නෙත් ඇඳුණු
දිවිමග රැඳේවා නොනිමෙන ලෙස දිලිණු

No comments:
Post a Comment