Tiny Kaoani

8/19/2012

හද පැතුම

සුවඳ තමයි මලක් ලොවක්
පුරා ගෙන ගියේ..
සිසිල තමයි සඳක් අහස 
පුරා විහිදුවේ..
උණුහුමම තමයි හිරුට ලොවම
එක රුවක් කළේ..
තරු පොකුරු තමයි අහස දෙනෙත
පුරා රැඳවුවේ..

සිතුවිල්ල තමයි හිතක රැඳුණු
මහරු මිණ වුණේ..
ලතැවිල්ල තමයි දිවිය රැගෙන 
පසුපසට ගියේ..
ඉවසිල්ල තමයි ලොවම දිනන
කටුක මග වුණේ..
සැනසිල්ල තමයි නුඹෙත් මගෙත්
හද පැතුම වුණේ..

No comments:

Post a Comment