මලක් වෙන්නෙපා පරවෙනවා නේද
සඳක් වෙන්නෙපා බැසයනවා නේද
ගඟක් වෙන්නෙපා සතු මුහුදට නේද
ලොවක් වෙන්නෙපා ජයගනු බෑ නේද
හිතට එන්නෙපා දුක විතරයි ඉන්නේ
නෙතට එන්නෙපා කඳුලයි එහි ඇත්තේ
සිහින වෙන්නෙපා බොඳ වෙයි මතු දිනයේ
පැතුම වෙන්නෙපා විසිරෙනවා නිබඳේ
කවිය වෙන්නෙපා මාතින් ලියැවේවී
සුලඟ වෙන්නෙපා මා ලඟ දැවටේවී
තනිව ඉන්නෙපා නුඹ මට හිමිවේවී
මගේ වෙන්නෙපා නුඹ මට නැතිවේවී
මට නැති වුනත් මම ආසයි නුඹේ වෙන්න
ReplyDeleteමට හිමි නැතත් මා හිමිවේ නුඹට
මා දැවටුනත් නොදැනේවී නුඹේ ගතට
මට ලියවුනත් නුඹේ හද නොලැබේවි මට ........